Saturday, December 24, 2011

සඳක් සේ බැසයන්න2-නිලන්ත සත්සර සමරජීව


අපේ ජීවිත කොල්ලකාගෙන හිතාගන්න බැරි
දුරකින් උත්තරීතර මැටි පහනක් දල්වල ඒ දිහා බලාවිපිළිසර හැඟුම් මැව්වෙ අපිමයි.හිත් සොහොන් කොත වටේට තුත්තිරි වැවෙනවා වළක්වන්නට බෑ අපිට කවදාවත්ම.

"අයියේ හරි කම්මැලියි අනේ නවල් එකක්වත් හොයලා දෙනවකෝ"

"නවල් කියවන්නෙ ඇයි පාඩම් කරල ඉවරද?"'

මම නංගියා ළඟින් ඉඳගත්ත.ඇස් පිහාටුවක බර දරාගන්ඩ බැරුව නෙත් පෙති පරවුණා.

"සටහන් පොතුයි පාට පාට ටියුට් තොගයයි මේසෙ උඩ.මට මේ හැමදෙයක්ම එපා වෙලා අයියේ.හිත ප්‍රශ්න වලින් පිරිලා,පුපුරු ගහනවා.ඒත් කාටද මේවා කියන්නේ?උදේ පිටත්වෙලා ආපහු ගෙදර එන්නේහොඳටම රෑ වෙලා.ඊට පස්සෙ ගවුම හෝදලා පැයෙන් පැයට මිරිකන්ඩ ඕනෙ වේලගන්ඩ.අම්මටයි තාත්තටයි කියන්ඩ පුළුවන් ප්‍රශ්න නෙමෙයි දැන් කාලේ කෙල්ලෙකුට තියෙන්නේ"

 චූටි නංගි හීල්ලුවා.

මසිත කඩා වැටුණා.

මේ පුංචි කෙල්ලගෙ ආත්මෙට ළංවෙන්න උත්සාහ කළේ නෑ මම.මගේ දුක ගැන හිතුවා මිසක්.

ජීවිතේ දුකක්.මේක තමයි සමස්ත මානවීයත්වයේම ඇත්ත.ඒත් පුංචි කෙල්ලෙකුගේ අහිංසක හිතක් අද්දර බක පණ්ඩිත තර්ක වැඩක් නෑ.


ඇයි පැටියෝ..කියන්න..මට කියන්න.මං ඔයා ගැන හොයලා බැලුවේ නෑ තමයි.මගෙයි වැරැද්ද.මගේඅඳුරු ලෝකෙට සාප කරනවා ඇරෙන්ඩ පණ අදින ඔයාලගේ ලෝකෙ ගැන හිතුවෙ නෑ මම.කියන්න නංගියේ මුකුත් කරන්න බැරි වුණාට මම අහගෙනවත් ඉන්නම්."'

නංගි මගේ ඇඟට තුරුල් වුණා.කඳුළු කැට උරහිසට දැනුණා.ඉකි ගහ ගහ එය ඇති වෙනකම් ඇඬුවා.

"මම ඉන්නෙ හුඟාක් දේවල් තෙරපගෙන අයියේ.මට තියෙන්නේ එක සුදු ගවුමයි,පාට ගවුම් දෙකයි.යට ඇඳුමේ ඉඳන් හතර වටේට අණ්ඩ දාල අඳින්නේ,මට ඔයාට කියන්ඩ ලැජ්ජ නෑ.මාසෙ අග වෙනකොට මඉන්නේ හරිම බයෙන්.හයියෙන් ඇවිදින්නෙවත් නෑ.ගැණු ළමයෙකුට ඕනෙම කරන දෙයක් ගන්ඩවත් තාත්තට කරදර කරන්න බෑ.මං දන්නවා ඒගොල්ලො විඳින දුක.අයිය දන්නෙ නෑ මම බිග් ගර්ල්කෙනෙක් වෙච්ච දවසේ තාත්තා අරන් දුන්න චේන් එකත් මම උගස් කෙරුවා"'

නංගිගේ ඉකිගැහිල්ල වැඩි වුණා.ඒ දුක දරාගන්ඩ තරම් දැඩි හිතක් තිබුණේ නෑ මට.අපි දෙන්නගේ ඉකිගැහිල්ල හුඟාක් දැඩි වුණා. ප්‍රචණ්ඩ හුළඟක් තරම් රළු නොවුනට අපේ හිත් සදාකාලික නියංසායකට අහුවුණා වගේ.

"අඬන්න එපා පැටියෝ.හැමදෙයක්ම හරි යාවි.මට හිතෙනවා දැන් මමත් රස්සාවල් හෙව්වා ඇති කියලා"

'ඇයි?

පොඩි එකීගෙ ඇස් ලොකු වුණා.

"ක්ලාස් එකේම බ්‍රයිටා වෙච්ච වසන්තයා නුගේගොඩ සුපර් මකට් එක ඉස්සරහ කමිස විකුණනවා.ආනන්දේ ඩිබෙටින් කරපු ජාලියත්‍රීවිලර් එකක් එලවනව.නිකැළැල්,අයිස් පැකට් හදනව.මම විතරක් තාම අම්මලට කඳුළු එකතු කරනවා.ඒ මොනවා වුනත් මට ඔයාගෙ දුක දරාගන්ඩ බෑ නංගියේ."'

හිත වාවගන්ඩ බැරිවුණා මට.

කම්මුලට ගලාගෙන ගියපු කඳුළු බිංදුවල පාර මකාගන්ඩ බැරිවෙයි මට කවදාවත්ම.

අම්මගේ පෙරැත්තට පාන් පෙති දෙකක් කෑවේ අඬන කඳුළු හංගගෙන

ඊටත් පස්සේ අතේ තිබුන අන්තිම රුපියලත් අරගෙන නුගේගොඩට ගියේ අරමුණක් නැතිව.

සරසවි බුක්ෂොප් එකේ ගතකරපු වාසනාවන්ත තත්පරයක්වත් අමතක කරන්න හිත දෙන්නෙ නෑ කොහොමටවත්.

සුපර් මාකට් එක ඉස්සරහ වසන්තයා හිටියෙ නෑ.176කට නැගලා බොරැල්ලට ටිකට් අරගෙන කාසල් එක ඉස්සරහින් බැස්සේ හිතේ තනිවුන නිර්මාණ පිටුව ඒ පරිසරය හින්දා.

ඇත්තටම අඳුර පිරිච්ච හදවතින් මම අදත් මේ තාර පාරට,ගහකොළ වලට විතරක් නෙමෙයි හමාගෙන එන සුළං පොදකට පවා ආදරෙයි.
/spanspan class= style=

No comments:

Post a Comment