Saturday, December 24, 2011

පසුපෙළ සිසුවෙකුගෙන්- කතෘ අඣාතයි.



කොට බිත්තියෙන් වට කොට සැදු සිර කුටිය තුළ
සිර කරනු බැරි සිතිවිලි රැසක උරුමකරුවා මං
කවදාවත්ම නො ඉස්සෙන අත් ඇති
පසුපෙළට අණසක පතුරුවන
පදක්කම් අහිමි නායකතුමන් මං

අකුරු ඉලක්කම් දත්
ඉදිරි පෙළ සිසුන් හා බැඳි
පාඩම් කියා දෙන විට
ඔබේ දෑසට හසු නොවන
අසරණ දරුවනට සහනයක් ගෙන එන
විහිළුකාරයා මං

ප්‍රගති සටහන මත
රතු කොළ කහ වර්ණ සියල්ලම දරාගත්
කළු තිත් පෙළට හිමිකම් කියන
අමනයා නොවේ ද මං
ජීවිතයේ මුල් වරට මම ඔබෙන් විමසමි
පාසල හා මගේ ඇසුරට
හය වසක් ගෙවී ඇති මුත්
මට අකුරු කියා දෙනු බැරි
ඔබ හට උරුම කළු තිත
කොහි සටහන් වේ ද ගුරුතුමනි........

කතෘ අඣාතයි

4 comments:

  1. ඇත්තෙන්ම අරුත්බර හරිම අහින්සක කවි සිතිවිල්ලක් .. මට මගේ 6-11 පාසල් කාලෙ මතක් වුනා..

    ReplyDelete
    Replies
    1. 1 වසර සිට 6 වසර වෙනකොට හොඳ තත්ත්වයක සිටියත් ඉන් පසුව පසු බැ මගේ සිසු දිවිය මේ තරම් පහතට නොගියත්......අද ත් මම හිතනවා කෝ මගේ මහන්සියෙ ප්‍රතිපල? :O

      Delete
  2. මම අපෙ ගණිතය උගන්වපු ගුරුතුමි එක්ක මම තාම නයි වයිරයි.............එකි හෑමදාම පොසත් ඉගෙනගන්න දක්ශ උන්ට .......අපි මොනවා හරි තෙරුනෙ නෑ කිව්වාම.....අපිට මහ සක්කිලි විදිහට බනින්නෙ..........

    ReplyDelete
    Replies
    1. අංජනයො....අද කොහිද ගුරු ගීත?

      Delete