Saturday, December 24, 2011

ඔහුට මුවාවී පාසැල් යන්නේ..මා දැයි නිකමට මට හිතුනා

ඉස්සර මං ගිය පාසල ඇරිලා...

පුංචි පැටව් පෙරහරෙ එනවා.....

හේවිසි ගහගෙන හූ හඩ දීගෙන

ළන්ද පුරා දුව පැන එනවා....

මේ දරු දැරියන් නොදු‍ටුව දැසින්

එක දරුවෙක් තනිවී එනවා...........



ගහකොළ සෙලවී ඔහු දෙස බැලුවා

බිම්මල් හිනැහී හිස වැනුවා....

ඒ දඬු මංකඩ තිත්ත පැටව් ‍රැල

ඔහුගේ සුවඳට ඉවකෙරුවා.........

මේ විසිතුරු දැක කොතැනක යන්නද.......

පුංචි දෙපා එක තැන ‍රැදුනා.......



ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ

නෙලුම් රටාවකි තණ ගොල්ලේ.......

නීල කොබෙයි ‍රැල පේළි සැදී හිඳ.......

මුතු ඇහිදියි මදටිය ගාලේ..........

ගිනි මද්දහනේ කුසගිනි නොදැනේ...

තාමත් ඔහු මේ වන නිල්ලේ..........



පොත් පි‍ටු අතරේ නො‍රැ‍ඳෙන දැසින්......

වන වදුලේ අසිරිය දකිනා.....

ගම් දරුවන් මැද මේ දරු පැටියා.....

මගේ නෙතට කඳුලක් නැගුවා.....

ඔහුට මුවාවී...පාසල් යන්නේ.......

මා දැයි නිකමට මට සිතුනා.........



(සුනිල් එදිරිසිංහයන්)
මේ ගීතයේ පද රචකයා දන්න කෙනෙක් කියන්න





මම මහා වයසක මිනිහෙක් නොවුනත්..........
 අපේ ළමා කාලයත් අද ට වඩා සුන්දරයි හොදටෝම.....
පොල්පිති හරකා,
කුරුම්බෑට්ටි මෑසිම,
පොල්ලෙලි ගෙවල්, 
බට තුවක්කු
කෙහෙල් මුව නැඹිලියක දාගෙන මාළු විකුණපු හැටි

අපේ සුන්දර ළමා කාලෙ .......
ඈසට කදුලක් නගලා ........
මගේ සිත ඉස්සරහ හෑමදාම වගේ දුව ඈවිදිනවා...
අපේ පුන්චි උන් අද ගෙවන්නෙ මොනතරම්
අවාසනාවක්ද? 
අතීත කාමය නෙමෙයි.........
අපේ පරම්පරාවෙන් එහාට සුන්දර ළමා
කාලෙකුත් නෑ...
අපේ පරම්පරාවෙන් එහාට මනුස්සකමකුත් නෑ..
.නෑ කියන්නම
බෑ..
හරිම දුර්ලභ යි....






No comments:

Post a Comment