Monday, December 26, 2011

අඳුර බිඳින්නට.................................

හෙට උදේම අවදිවෙලා සුපුරුදු ජීවන චාරිකාව පටන් ගන්න ඕන.
හෙටත් වෙනදා වගේම හිරු පායාවි..
ඔබ මා ළඟ නැතිව උදාවෙන තව දිනක් එළඹේවි.
ඉස්සර දවස්වල ඉරිදාවක් ගානේ අපි පන්ති ගිය හැටි.....
මාව උනන්දු කරන්න හින්දම  ඔබ ත් 'CMA' කරන්න පටන් ගත්ත හැටි කොහොම අමතක කරන්නද? 
අපි අවුරුද්දක් විතර 
එක දිගටම හැම පසලොස්වක පෝය දවස ම 
ලංකාව වටේ පින්බිම් වල ගෙවපු හැටි.....


මාව ඉහළට ගේන්න  ඔබ ට තිබුන උනන්දුවක්!!!!!!!


ඒ ඔක්කොම මතකයන් විතරක් වෙච්ච අරුමය 
මට තාමත් හිතාගන්න බැහැ.


හැම දෙයක්ම මොහොතකට අමතක කරන්න මගේ ප්‍රියතම ගාන්ධර්ව වික්ටර් රත්නායකයන් මට උදව් කරනවා.


එතුමාට බොහොම පින්...



අඳුර බිඳින්නට රැයක් දවාලූ

ලන්තෑරුම් නිවලා

තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳ හැර

හිරු තව දවසක් ගෙනැවිල්ලා





මතකය නම් වූ මළපොත පෙරලා


මළගිය ඊයේ සිහිපත් කළ මැන


පැතූ පැතුම් අත් මිට මොළොවා ගත්


දෑතෙහි දසැඟිළි දිග හැරලනු මැන


එහි මොනවද ඇත්තේ.......

කිසිත් නැත හිස් බවෙකිය ඇත්තේ......





සමුදුරු ගිරි හෙල් දෙරණ තලා මැද 


යෞවන විය පියවර තබනා සඳ


හිස්වන හදවිත සපුරා ගන්නට


මියැසි විරාමය යළි පැමිණී ඇත.


අරුමෙකි පැවසෙන්නේ.......


එපමණයි පිළිසරණය වන්නේ.

3 comments:

  1. mona ganada may kiyanne. lankaway power cut akka ganada? nathnam tho poyata karapu daha dura wada ganada? SK

    ReplyDelete
  2. උදාරයා ලොකයා

    ReplyDelete