Thursday, December 29, 2011

භික්ෂුත්වය











ප්‍රිය මිතුරනේ, අද කථා කරන්න බලාපොරොත්තු වන්නේ බොහොමත්ම වැදගත් කරැණක් සමිබන්ධයෙන් සංඝ සමාජය පිරිහිලාය, භික්ෂුව නිසි ලෙස මහණදමි පුරන්නේ නැතය කියා කථා බහ බොහෝ සෙයින් පැතිරී යන මෙන්නම දකින්නට ලැබෙන මෙවන් යුගයක මෙම ලිපිය සකස් කිරිම බොහොමත්ම කාලෝචිත යැයි මා සිත්විය.

මෙය ඇත්තක්ද?
සමාජය යන්න අපි කවුරැත් දන්නා දෙයක්, ආගම සමාජයේ වැදගත් අංගයක්, භෞතිකවාදීන්, අක්‍රීය වාදීන් ආදී පරළොව පිළිබඳ තැකීමක් නොකරන ඉතාමත් සුලු පිරිසක් හැරැණු විට අන් සෑම පුද්ගලයෙකුටම පාහේ ආගමක් හෝ දර්ශනයක් ඇත. බෞද්ධ දර්ශනය, හින්දු ආගම, ජෛන ආගම, මුස්ලිමි ආගම, කතෝලික ආගම හා එහි විභේධන, කොන්ෆියුසස් ධර්මය ආදිය ප්‍රකට ආගමි වශයෙන් හදුන්වා දිය හැකියි.මේ ආගමි මුලික විමෙන් සමාජය සකස් වි ඇත. ඒ ඒ ආගමි හා සමිබන්ධව ඒ ඒ ආගමි අනුව ධර්මය ගවේශනය කරන්නන් හා ඒ ආගමි වල අනුගාමිකයන් ඇත. ඔවුන් භික්ෂුන්, පාදිලි වරැ, සහෝදර වරැ, පුජකයින් ආදි නමි වලින් හදුන්වනු ලබන අතර ඒ සමහරක් ආගමි මගින් නියම කරනු ලබන රිති මාලාවන් සමහර විට ඔවුන් පිළිපදිනු ලබයි. මෙම රීති මාලාවන් පිළිපැදීම නිසිපරිදි නොවනා විට සමාජයෙන් මෙසේ කථා ඇසෙන්නට ලැබෙයි.

සමස්ථයක් වශයෙන් බහුතර ජනයා ආගමික පුජකවරැන්ට ගරැ කරන්නේ ඇයි?
ඔවුන් සාමාණ්‍ය ජනයාට වඩා යමි ගුණධර්ම රාශියකින් යුක්ත වේ යැයි සාමාණ්‍ය ජනයා විශ්වාස කරන නිසා. මුලිකම කරැණ වන්නේ එයයි. එහෙමත් නැතිනමි තමන්ගේ මෙළොව පරළොව සකස් කර ගැනිමට උන්වහන්සේලාගෙන් පිටුවහලක් ඇතැයි සිතන නිසා.මේ සඳහන් කරන්නට යෙදුනේ සාමාණ්‍යයෙන් අපි දන්නා දේ.

දැන් බුදු දහම දෙසට හැරෙමු. 
බුදු රජානන්වහන්සේ විසින් දැනට වසර 2600 කට මත්තෙන් සමිමා සමිබුද්ධත්වයෙන් පසු අප්‍රතිවර්ත වු දමිසක්පවැත්වු පසු ලොව මුල්ම රහතුන් 05 නම පහල විය. උන්වහන්සේලා එහු භික්ෂුභාවයෙන් පැවැදි කිරිමත් සමඟ මිනිසුන් අතර සංඝ රත්නයේ පහලවිම විය. පසුව බද්ධවග්ගිය කුමාරවරැ,පුරාණ ජටිල භික්ෂුන් ගෙන් ඇරඹී මෙසේ කාලයත් සමඟ සාසනය පතල විය. කල්යත්ම සසුන ව්‍යාප්ත වීම නිසා බුදුරජානන්වහන්සේ පනවන ලද විනය නීති අනුව සංඝයාවහන්සේටම අනිකුත් අය වෙත පැවිද්ද හා උපසමිපදාව ලබා දීමේ බලය ඇතිවිය. මෙසේ මෙම සංඝ පරමිපරාව අචිඡ්චින්නව අද දක්වා වසර 2600 ක් පැවත එනු ලැබෙයි. මෙම ලිපියෙන් මේ පිළිබඳ විශාල විස්තරයක් කිරිමට බලාපොරොත්තු නොවෙනුයේ මෙම ලිපියේ තේමාව වෙනෙකක් වන බැවිනි. මෙසේ බුදු රජානන්වහන්සේගේ සාසුනේ බ්‍රහ්මචර්‍යාව පිරිම සඳහා පැවදි වන කුල පුත්‍රයන් හික්මිය යුතු ආකාරය බුදුරජානන්වහන්සේ විසින්ම පනවා ඇත.එම රිති සමුහය හදුන්වන්නේ විනය නමින්. 

මෙම ලිපියෙන් මුලික වශයෙන් සාකඡ්චා කිරිමට බලාපොරොත්තු වන්නේ සුළු ශිලය, මැදුමි ශිලය හා මහ ශිලය ගැන. මේ කරැණු ගෙනහැර දක්වන්නේ සාමඤ්ඤ ඵල සුත්‍රය අනුසාරයෙන් මිට අමතරව බ්‍රහ්මජාල සුත්‍රය ඇතුලු සුත්‍ර ගනනාවකම මෙම සුලු ශිලය මහ ශිලය හා මැදුමි ශිලය අන්තර් ගතයි.

මොනවද මේ සුළු ශිලය, මැදුමි ශිලය හා මහ ශිලය?
මහරජ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විදර්ශනා ඥානය ආදී විද්‍යා අට, සීල සංවරය ආදී හසුරුවන ධර්ම පහළොව අෂ්ඨ විද්‍යා පසළොස් චරණ ධර්මයන් ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියඵ ලෝකයන් දන්නාවූ, ශ්‍රේෂ්ඨවූ, හික්මවිය යුතු පුර්ෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, සත්‍යවූ උතුම් ධර්ම හතර වන චතුරාර්‍ය සත්‍ය අවබෝධ කළාවූ, තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් සහ මිනිසුන් සහිතවූ සත්ත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැක පැහැදිලි කොට ප්‍රකාශ කෙරේ ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ථ සහිතවූ සියඵ ලෙසින් සම්පූර්ණවූ, පිරිසිදුවූ සියඵ ශාසන මාර්ග බ්‍රහ්මචර්යාව ගෙන හැර දක්වති.

ඒ ධර්මය ඇසූ අය ඒ දහම අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කෙරෙයි. ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ මෙසෙ සලකන්නේය. "ගෘහ වාසය පීඩා සහිතය. රාගාදී කෙලෙස් සහිත මාර්ගයකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහි ගෙය වහන්නහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ ලියවූ හක් ගෙඩියක් මෙන් මෙම බ්‍රහ්ම චරියාවෙහි හැසිරෙන්නට නොහැක්කේය. මම කෙස් දැලි රැවුලු කපා දමා සිවුරැ හැද ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වෙන්නෙම් නම් ඉතා යහපතැයි" කියායි.

ඔහු පසු කාලයක සම්පත් රාශියක් හැර, නෑ පිරිස් හැර කෙස් දැලි රැවුලු කපා දමා සිවුරැ හැද ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වෙ. ඔහු ප්‍රධාන සංවර ශීලයෙන් යුක්තවූයේ, යහපත් හැසිරීමෙන් හා වරද නැති පැවැත්මෙන් යුක්ත වූයේ ස්වල්ප වූත් අකුසලයන්හි විශේෂයෙන් භය දක්නා ගති ඇත්තෙක් වූයේ, යහපත්වූ ශරීරයෙන්, වචනයෙන්, ක්‍රියාවෙන් යුක්තවූයේ, ශික්ෂාපද සමාදන්ව එහි මොනවට හික්මෙයි. පිරිසිදුවූ ජීවිත පැවත්ම ඇත්තේ වෙයි. ශීලයෙන් යුක්ත වූයේ වෙයි. ඉන්ද්‍රිය විෂයෙහි වැසූ දොරටු ඇත්තේ වෙයි. ආහාරයෙහි පමණ දන්නේ වෙයි. මනා සිහියෙන් හා හරි ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. සන්තෝෂයෙන් යුක්ත වෙයි".


"මහරජ, භික්‍ෂු නමක් කෙසේ නම් සීල සම්පන්න වේද? මහරජ, මේ සස්නෙහිවූ භික්‍ෂු නමක් ප්‍රාණ වධය හැර, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේය. බහා තබන ලද දඩු ඇත්තේ මහා තබන ලද ආයුධ ඇත්තේ, පව් කිරීමෙහි ලජ්ජා ඇත්තේ කරුණාවන්ත වූයේ, සියඵ ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතුව වාසය කෙරෙයි."

"නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පුර්ණයෙන් වැළැක්කේ දුන් දෙයම ගන්නේ, දුන් දෙයම කැමතිවන්නේ සොර නොවූ පිරිසිදුවූ සිතින් යුතුව වාසය කෙරේ"

"අබ්‍රහ්මචර්යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම්වූ ග්‍රාම ධර්මයෙන් වෙන් වූයේ බ්‍රහ්බචාරී වෙයි."

"බොරු කීමෙන් දුරුව, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ සැබෑ තෙපුල් කියන්නේ, සැබැවින් සැබව ගළපන ගති ඇතුව ස්ථිර කතා ඇත්තේ ඇදහිය යුතු වචන ඇත්තේ ලෝකයා අතර විරුද්ධ කතා ඇති නොකෙරේ"

"පිසිණු බස් හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ මෙතනින් අසා මොවුන් බිදවීම පිණිස මෙතැනින් නොකියන ගති ඇත්තේද, මෙසේ භෙදවූවන් ගළපන්නේ, සමගිවූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ සමගියෙන් ඇලුම් බහුල කොට ඇත්තේ සමගි කම්හි ඇලුනේ සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ සමගිය ඇති කරන තෙපුල් කියන්නේය."

"පරුෂ වචනය, හැර සම්පූර්ණයෙන් වැළැක්කේ, යම් වචනයක් නිදොස් වේද, කණට සැපද, ප්‍රේමණීයද, සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ සිත් ප්‍රිය කරන්නේද, එබදු වචනම කියන්නේවෙ"

"හිස්වූ ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවූ තෙපුල්ම කියන්නේ, අර්ථයෙන් යුක්තවූ ධර්මයෙන් යුක්තවූ විනය සම්බන්ධවූ තෙපුල් කියන්නේ, සුදුසු කල්හි, උප හා කරුණු සහිතවූ, සීමා ඇති අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වෙ. මෙසේ ඒ හිස් වචනයෙන් වැළැක්මද, දියුණුවට හේතුවන වචන කීමද මේ ඔහුගේ සීලය වේ"

"තණ ගස්, වැල් සිදීම්, බිදීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ, එක් වේලේ වළදන කෑම ඇත්තේ, රාත්‍රී කෑමෙන් හා අවේලෙහි කෑමෙන් සම්පූර්ණයෙන් වැළැක්කේය."

"මල්, ගද විලවුන් පැළදීම, ඉන් සැරසීම, අඩුතැන් පිරවීමෙන් අලංකාර කිරීම යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය."

"උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළැක්කේය."

"රන්රිදී මසුරන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් වැළැක්කේය."

"අමුවූ ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් සමිපූර්ණයෙන් තොර වූයේය."

'අමුමස් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද, ස්ත්‍රීන් හා ගැහැනු ළමයින් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොර වූයේද වේ. වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොර වූයේ කුකුළන්, හූරන්, ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන්, කෙත්, වත් යන මෙ පිළිගැන්මෙන්ද සමිපූර්ණයෙන් තොර වූයේය"

"ගිහියන්ගේ දූත මෙහෙවරය, ගෙන් ගෙට යන මහත් මෙහෙවරය යන මෙයින් සම්පූර්ණයෙන් තොර වූයේ වැළැක්කේය."

"ගනුදෙනු කිරීමය, තරාදි ආදියෙන් වංචා කිරීමය, රන් හා නොරන් මිශ්‍ර වංචා කිරීමය, වී ආදිය මැනීමෙන් වංචා කිරීමය, හිමියන් අහිමි කිරීම ආදිය සදහා අල්ලස් ගැනීමය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලෝහ රන් රිදීයයි අඟවා වංචා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයෝගය යන මෙයින් සමිපූර්ණයෙන් වැළැක්කේය.'

"කැපීමය, මැරීමය, බැදීමය, සැගවී සිට වස්ත්‍ර පැහැර ගැනීමය, ගම් නියම්ගම් ආදිය පැහැරීමය, බලහත්කාර කමින් වස්තු පැහැර ගැනීමය යන මෙයින්ද සම්පූර්ණයෙන් වැළැක්කේය, මේ ඔහුගේ සීල වේ."
සුලු සීලය නිමියේය


"සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ගස් ආදිය වැවීමෙහි යෙදී වාසය කරත්. මෙබදුවූ බීජ ගාම භූත ගාමයන් සිදීම, බිදීම ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වෙ නම් මෙයද ඔහුගේ එක් සීලයක් වේ"

"එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙනලද කෑම කා ආහාර වර්ග බීම වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයෝජන ගැන්මය, අයිතියට නොගත් සිවුරු ආදිය යාන නම් වහන් දෙකකින් වැඩි සයන, සුගන්ධයන්, තල සහල් ආදිය තැන්පත් කොට තබා ප්‍රයෝජන ගැන්මයයි කියන ලද පසුවට තබා ප්‍රයෝජන ගැන්මෙහි යෙදී වාසය කරත්. මෙබදුවූ සන්නිධිකාර පරිභෝගයන් වැළකී වෙසේ නම් එසේම මන්ත්‍ර පිරවීමෙන් නෘත්‍ය ආදී විසුඵ දැක්මෙන් සම්පූර්ණයෙන් වැළකේ නම් මෙයද ඔහුගේ සීලයක් වෙ. එසේම දූ කෙළියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි. උස් අසුන් මහ අසුන්හි හිදීම ආදියෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි. සැරසීම් අලංකාර කිරීම් ආදියෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි. පහත් කථාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි. දෝෂාරෝපන කථාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි. දූත භාවය, හසුන් ගෙනයාම යන මෙයින් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි. කුහක වංචා ප්‍රයෝග ආදියෙන් වැළැකීමක් වේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි."
මැදුම සිල් නිමියේය
"සමහර මහණ බමුණෝ මෙන් යාග හෝම ආදී හේතුවෙන් සාමුද්‍රිකා ශාස්ත්‍රය, නිමිති ශාස්ත්‍රය හේතුවෙන් කරන ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වෙද මෙයද ඔහුගේ එක් සීලයෙකි."

"සමහර මහණ බමුණෝ මෙන් ලක්‍ෂණ බැලීමෙන් කරන පහත් විද්‍යාවන් නිසා කරන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි."

"සමහර පහත් බමුණෝ මෙන් රජුන්ගේ බැහැර යෑම ඒම ජය පරාජය ආදී පහත් විද්‍යා හේතුවෙන් කරන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි."

"සමහර මහණ බමුණෝ මෙන් චන්‍ද්‍රග්‍රහණ, සූය්‍යග්‍රහණ යනාදියේ විපාක කීමෙ පහත් විද්‍යාවන් හේතුකොට ගෙන කරන ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි."

සමහර මහණ බමුණෝ මනා වැසි දැති වන්නේය, මනා වැසි නැති වන්නේය ආදී ලෝකයට සිදුවන දේ ගැන ශාස්ත්‍ර ඉගෙනීමයයි මෙසේ පහත් විද්‍යාවන් කරණ කොට වැරදි ජීවිකා කෙරෙත්. මෙසේවූ පහත් විද්‍යා හේතුවෙන් වන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි."

'සමහර මහණ බමුණෝ ආවාහ කරවීමය, විවාහ කරවීමය, නූල් බැදීමය, මන්ත්‍ර ජප කිරීමය, කැඩපත්හි දේවතාරෝපණය කොට ප්‍රශ්න ඇසීමය, ගැහැනු දරුවන්ගේ ශරීරයෙහි දේවතාරෝපණය කොට ප්‍රශ්න ඇසීමය, කටින් ගිනිදැල් පිට කිරීමය, ශ්‍රී දේවිය කැදවීම ආදී පහත් ක්‍රියාවෙන් වැරදි ජීවිකා කෙරෙත්. මෙබදුවූ පහත් විජ්ජාවන් කරන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.'

"සමහර පින්වත් මහණ බමුණෝ ශාන්ති කිරීම, මන්ත්‍ර කිරීමය, භූරි කර්මය, පණ්ඩකයා පුරුෂයෙකු කිරීමය, පුරුෂයා පණ්ඩක කිරීමය ආදී මෙබදු පහත් විද්‍යා කරණ කොට වැරදි ජීවත් වීමෙන් ජීවිකා කෙරෙත්. මෙබදුවූ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි."

"මහරජ, මෙසේ ශීල සම්පන්නවූ භික්‍ෂුහට භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ඔහුගේ ශීල සංවරය හේතුකොට ගෙන කිසිතැනකදී නොඋපදින්නේ කුමක් මෙන්ද යත්  මහරජ, ක්‍ෂත්‍රීයාභිෂෙකයෙන් මුදුනේ අභිෂේක ලද්දාවූ, සතුරන් නැති කළාවූ ක්‍ෂත්‍රීය රජෙක් කිසියම් සතුරෙක්ගෙන් කිසි භයක් නොදක්නේද, එපරිද්දෙන්ම, මහරජ, ශීල සම්පන්නවූ භික්‍ෂු තෙමෙ භය කාරණයන්

අතුරෙන් එකක් පමණකුදු ශීලසංවරය හේතුකොට කිසි තැනකදී නොදක්නේය. ආර්‍යවූ මෙ ශීල රාශියෙන් යුක්තවු ඒ භික්‍ෂු තෙම, තමන් තුල පිරිසිදුවූ කායික චෛතසික සැපය විදියි. මහරජ, මෙසේ දැක්වූ ශීලයෙන් යුක්තවූ භික්‍ෂුව ශීලසම්පන්න නම් වෙ"
මහ සිල් නිමියේය
ඉහතින් දක්වනු ලැබුයේ බෞද්ධ භික්ෂුවගේ ශිල සාරයයි. ඉදිරියට යෑමට පෙර තොරාගත යුතු කරැණු කිහිපයක් ඇත.

පහත් විද්‍යා, වැරදි ජීවිකා යනු මොනවාද?
එක්තරා විදියකට, අන් අයටත් සමාජයටත් හානියක් වන විදියට කරනු ලබන්නාවු ජීවිකා වැරදි ජිවිකා. විද්‍යාවන්, පහත් වන්නේ ඒ විද්‍යාවන්ගේ දෝශයක් නිසා නොවේ. පැවදි වන්නා පැවදි වනුයේ තමා පැවදි වීමේ අභිමතාර්ථය ඉටු කර ගැනිමට විනා ඉහතින් දක්වන ලද පරිදි විද්‍යාවන් දැක්විම සඳහා නොවේ. මෙම විද්‍යාවන් නිසා ඔහු පිරිමට යන බ්‍රහ්ම චර්‍යාවෙන් පහතට ඇද දමනා බැවින් හා ඔහු පිරිමට යන ජීවිකාවට අනුව එය වැරදි ජිවිකාවක් වන බැවින් එය පාදක වන විද්‍යාවද පහත් විද්‍යාවක් වන බව සැලකිය යුතුයි. පැවිද්දන් නොවන අය සමිබන්ධයෙන් මෙම ඉහතින් දක්වන ලද කරැණු අදාල නොවේ. ගිහිගෙය බ්‍රහ්ම චර්‍යාව පිරිමට නුසුදුසු ස්ථානයක් වි ඇත්තේ මෙම ඉහතින් සදහන් කල ක්‍රියාවන් මගින් මිනිසුන්ට ජීවිකාව පැවැත්විමට සිදුවිම නිසයි.

සුපටිපන්නෝ
මෙසේ බෞද්ධ භික්ෂුව තිර්ථකයන්ගේ තපස් මෙන් නිශ්පල ප්‍රතිපත්තියක් නොව නිර්වාණගාමි ප්‍රථිපත්තියක් පුරණ සේක. එනම් මෙසේ ඇතිකර ගන්නාවු ශිල සංවරයෙන් යුතුව එයින් උපන් විවේකය හා ප්‍රිතිය ඇතිව සමථ විදර්ශනා වඩා නිර්වා‍ණයට පැමිනෙති.

උජු පටිපන්නෝ.
එකිනෙකාට වුවමනා ප්‍රථිපත්තින් නොව බෞද්ධ භික්සුවක් නමි, ඔවුන් සියළු දෙනාම පුරනු ලබනුයේ සෘජුවු එකම  ප්‍රථිපත්තියක්. මෙම භික්ෂු විනය සංගෘහිත එකක්. ඒ කියන්නේ ඒය එකිනෙකාට ඕන පරිදි වෙනස් කර ගන්න පුළුවන් එකක් නෙමයි කියන දෙයයි. ඒ වගේම මෙම විනය පැවිද්දාව යොමු කරනුයේ නිර්වාණය දෙසටමයි. මෙම භික්ෂු විනයේ වැසිකිලිය භාවිතා කල යුතු ආකාරයේ සිට, ආහාරය වැළදිය යුතු ආකාරය දක්වාත්, වස්ත්‍ර, ආරාම, ආහාර, ගිලන්පස ආදිය පිළිගැනිමේ, පරිභෝගය  සිට නින්දට යෑම කලයුතු ආකාරය දක්වාත් සෑම කරැණක්ම අන්තර්ගතයි. මේ දැක්වුයේ සරල අදහසක් ගැනිමට එනමි මෙම විනය සර්ව සමිපුර්ණ බව පෙන්වා දිමට කරැනු කිහිපයක්.

ඤායපටිපන්නෝ
මෙම සංඝයා විසින් මෙසේ ක්‍රමානුකූල ප්‍රථිපදාවක් පුරනා සේක

සාමිචිපටිපන්නෝ
මෙසේ මෙම ශිලය පනවා ඇත්තේ හේතුන් ඇතිවය. ඒවා විනය පිටකයේ විස්තරාත්මකව සඳහන්.මෙසේ සාමාණ්‍ය ජනයාට වඩා උතුමිවුත් ගරැකල යුතු වුත්, ප්‍රශංශනිය වුත්, පිරිමට අපහසු වූත්, නිර්වාණගාමිවුත් ප්‍රථිපත්තියක් පුරනා බැවින් සංඝ රත්නය ගරැකල යුතු ප්‍රථිපත්තියක් පුරන්නේ යැයි කියනු ලබයි.

මෙසේ මෙම භ්‍රහ්මචර්‍යාව ඒ ඒ මටිටමෙන් සමිපුර්ණ කිරිම නිසා සොවාන්මාර්ගස්ථ,සොවාන් පලස්ථ සකෘදාගාමි මාර්ගස්ථ,ඵලස්ථ  නාගාමි මාර්ගස්ථ,අනාගාමි ඵලස්ථ හා රහත් මාර්ගස්ථ, ඵලස්ථ වු තථාගතයානන්වහන්සේගේ ආර්‍යසංඝරත්නයට 

බොහෝ දුර සිට වුවද දාන මාන ආදිය ගෙන විත් පිදිමට සුදුසු වන බැවින් ආහුනෙය්‍යනමි වන සේක.

ඤාතින් වෙනුවෙන් පිලියල කල ප්‍රිය බෝජනය පවා පිදිමට සුදුසු  වන බැවින්පාහුනෙය්‍ය වෙයි.

පරලොව පින් සලකා දෙනු ලබන දානය පිලිගැන්වීමට සුදුසු වන නිසා දක්ඛිනෙය්‍යවෙයි.

දොහොත් මුදුන් තබා වන්දනා කිරිමට සුදුසු වන බැවින් අංජලිකරණීය වෙයි.


ආගමික පුජකවරැන් යැපෙනුයේ සාමාණ්‍ය ජනයාගේ ඉපයිමෙන්,ඔවුන්ගේ අනුග්‍රහයෙන්, එසේ නැතිනමි වක්‍රව හෝ සාමාණ්‍ය ජනයාට පින් සිද්ධ වන්නටය. මෙසේ සාමාණ්‍ය ජනයා විසින් ලබා දෙන සිවිපසයෙන් යැපෙන භික්ෂුව විසින් කෙසේ හැසිරිය යුතුද යන්න බොහොම ක්‍රමානුකූලව ත්‍රිපිටකයේ සදහන්, එම ප්‍රථිපත්ති මාලාව පිරිම නිසා බොදු භික්ෂුව පුජනීයත්වයට සුදුස්සෝ වෙති. සාමාණ්‍ය ජනයා සැදැහෙන් පුදන සිවිපසට සුදුස්සෝ වෙති. මෙසේ අන් කිසිවක් නොකලද 
මෙම ශිල  ප්‍රතිපත්තිය පමණක් පුර්ණ කිරිම නිසාවුව ද බෞද්ධ භික්ෂුව අන්‍යආගමික පුජකයන්ට වඩා පුජනිය බව ඔබට පැහැදිලි වනවා ඇත.මෙ බව සාමඤ්ඤ ඵල සුත්‍රයේ ද සදහන්.


http://www.budurashmiya.net/2011/02/01.html

No comments:

Post a Comment