Saturday, December 24, 2011

වියපත් මවු



වියළි පරඬැල් පතක් මෙනි ඇය


වයස සමගින් කුදු ගැසී ගිය


එහෙත් ඇය සිහිකරන මොහොතේ


අතුරුදන් වනු දැනෙයි ශෝකය








පියාපත් ලැබ පියාඹා යමි


අලුත් වෙයි මා අවට හැම දෙය


මගේ පසු පස ඇය සිටින්නිය


තුමුල කඳු වැටියක් සමානව






(සෝවියට් කිවි නාබි ඛස්‍රි-අනුවාදය:සාලිය ගුණවර්ධන)

No comments:

Post a Comment