මගේ පුංචි දෙපා සිඹිනට.....
මල් නොපිපි බිම......
හීන අහුලන දඟකාර පැටිවිය....
හීනයක් වගේ හිත අද්දරට
ඇවිත් හිනාවෙනවා.....
අම්මගෙ ඔඩොක්කුවෙ
අම්මගෙ සුවඳත් එක්ක
ජීවත්වෙච්ච ඒ අතීතය
කොච්චර නම් සුන්දර ද?
කන්න ඇතත් නැතත් .....
තිබ්බ එකම ඇඳේ.......
අපි පස් දෙනා තුරුළුවෙලා නිදාගත්ත හැටි......
ආයෙමත් එහෙම කාලයක් ජීවිතේට
එන්නෙ නෑ කියලා හිතෙනකොට,,,,,,?
අම්මගෙ තුරුලෙ
අනාගතේට එබිකම් කරලා බලපු මට
'උගතමනා ශිල්පයමයි මතු රැකෙනා' කියලා
බෝඩ් එකක් පෙනුනා......
ඒ බෝඩ් එකේ අකුරු දිගේ
අනාගතේට පාවෙච්ච මගේ ළදරු හිත
කොච්චර
සතුටු උනාද එදා......
මසුරන් වැස්සක්
බලාපොරොත්තු නොවුනත්,
වියතුන් සබා මැද ඉදිරිව
ඉන්ට පිළිවන් වග සිහිවෙද්දි....
ඒ පුංචි මල් පොහොට්ටු හිත
කොතරම් නම් සතුටු උනාද?
කාලය කොච්චර ගත උනත්
ඒ මල් හීන
හිත අද්දර පිපුණා.......
මීට අවුරුදු 10-11 කළින් වෙනකම්ම.....
උසස් පෙළ කරද්දි තිබුණු
ධනාත්මක සුන්දර හිත
මේ අවුරුදු 10ට ඇට්ටර වෙලා
කරකුට්ටන් වෙච්ච අරුමය
හිතාගන්න බෑ......
කියන්න කොච්චර දේවල් තිබුණත්
ගලපගන්න බැරි දුකකින්
ඔද්දල් වෙච්ච හිත
ඒකට ඉඩ දෙන්නෙ නෑ.....
පස්සෙ කුරුටු ගාන්නම්......
No comments:
Post a Comment