Saturday, January 7, 2012

අ.වි.පි.බ.ම හා සිසු අයිතීන්





ෆේස් බුකියේ නිදහස් අධ්‍යාපනය ගැන 'සමාජවාදි' බණක් දෙසන අතර මෙසේද කියැවින.




 තව ටික දවසකින් කියයි ඇයි කැප්පිටිපොලළා...පුරන් අප්පුලා වැඩක් නැති දේවල්වලට කෑ ගැහුවෙ කියලා


ඉන් ඇවිස්සුනු මගේ සිතට මේ සිතුවිලි පහළ වින. සංස්කරණයකින් තොරව පළකරමි.

කැප්පෙටිපොලලා, පුරන් අප්පු ලා සහ සමාජවාදී මී හරක් එකම ගණයෙහි ලා මම නම් සළකන්නේ නැත. මම නිදහස්  අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තෙමි.නිදහස් අධ්‍යාපනය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතාගේ වැඩපිළිවෙළකි.පාසැල් නිළ ඇඳුම බන්දුල ගුණවර්ධනගේ පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් හරහා  ක්‍රියාත්මක වූවකි.(බොහෝ අය දන්නේ නැත. )එහෙම කළා කියලා ඒ දෙදෙනාට මගේ මහ ලොකු ගරුත්වයක් නැත.මන්ද ඔවුන් මහජන සේවකයන් බැවිනි.මම උසස්පෙළ දක්වා නිදහස්  අධ්‍යාපනයෙන්  අම්මා තාත්තාගේ වියදමිනුත් ජීවත් වුනෙමි. උසස් පෙළ ..පාසලට වඩා හොඳින් බන්දුල සර් මට නොමිලේ ඉගැන්නුවේය. ඉන්පසු මම රැකියාවෙන් ලබන වැටුපෙන් ඉගෙන ගත්තෙමි.ඒ.ඒ.ටි ය මහාචාර්ය වටවල සහ තවත් කිහිප දෙනෙක් ගෙන් ඇරඹුවකි.සී එම් ඒ. ලංකාවට ගෙන ඒමේදී ද වටවල මහතා මහා වැඩපිළිවෙලක් කළේය.මගේ ජීවන ගමනේදී ජෙපි අයියලාගෙන් මට වූ අහවල් දෙයක් නැත.සමහර දිනවල උන්ගේ මෝඩ උද්ඝෝෂණ නිසා මට වැඩට යන්න නම්  ප්‍රමාද විය.

තවත් කතාවක්.මම ගමේ ඉස්කෝලෙන් සිස්සත්තෙ පාස් උනාට මට කොළඹ ලොකු ඉස්කෝලෙකට යන්න තරම් වත්කම ක් තිබ්බෙ නෑ.අපේ තාත්තා රජයෙ සේවකයෙක්(ග්‍රාම සේවක) නිසා සිස්සාදාර ත් නෑ.මේ වගේ අත්දැකීම් තියෙන තව ගොඩක් අය ඉන්නවා.අවිධිමත්  අධ්‍යාපනය ලබපු.හැබැයි ඔය සිස්ස අයිතීන් එදා අපිට නම් තිබුනෙ නෑ.

සමහර විට 'එදා' අපිට චන්දෙ තිබුණෙ නැති නිසා ද දන්නෙ නෑ.මට ඔය සිස්ස අයිතීන් කතා කරන මල්ලිලා එක්ක කතා කරන්නත් ආසයි.ගිරා පෝතකයො.මෙලෝ හසරක් නෑ.අළුතෙන් හිතන්න බෑ….

කොටින්ම මගේ වාසනාවට මම අවිධිමත්  අධ්‍යාපනය ක් ලැබුවෙ.නැත්නම් ඒ දවස්වල මට තිබ්බ සමාජවාදී උණ නිසා අනිවා මගේ  අධ්‍යාපනය  කඩාකප්පල් වෙනවා.

රටේ ආර්ථික රටාව වෙනස් වෙනකොට  අධ්‍යාපනයත් වෙනස් වෙනවා.නිදහස්   අධ්‍යාපනයෙ ගරුත්වය සිස්ස සංගම් වලින් රැකුන කියලා හිතන්නෙ ගිරා පෝතකයො.

නිදහස්  අධ්‍යාපනය ගැන ඔය තරම් අගැයීමක් තියෙනවනම් ඒ අය කරන්න ඕන ඒකට මුල් වෙච්ච අයව අගයන එක.කන්නන්ගර උන්නැහෙ පැත්තක.මෙතන කුලප්පු වෙච්ච මී හරක් ටික තමයි වීරයො.


අපිත් දුප්පත් මිනිස්සුන්ගෙ දරුවො තමයි.ඇයි අපිට ඔය එක සමාජවාදියෙක්වත් සත පහක් උදව්වක්  කළේ නැත්තෙ. සිස්ස නායකයො කියාගත්ත උන් පාර්ලිමේන්තුවෙ ඉඳියි.අනිත් උන් එක්කො වෙඩිකාලා මැරෙයි.ඒත් ඔය කියන නිදහස රැකෙයිද>? නෑ රැකුනද?  පුද්ගලික විස්ස විජ්ජියාල දාන්නම ඕන.නැත්නම් මේ ගිරා පෝඉතකයො ගම් වල උන්ව රවට්ටගෙන ඔය වැදි බණ දෙසන එක නවත්වන්නෙ නැ….

නංගි,මල්ලි මම කියන්නෙ යථාර්තය.ඔබ හෙට එන්න මා මේ යන ජීවන ගමන.හෙට  ඔබ මා පසු කරගෙන යාවි.මටත් කොකා පෙන්වගෙන.දැන් ඔබ කෙකර ගාන අයිතීන් වෙනුවෙන් නොවෙයි හෙට ඔබ බිත්තර දාන්නෙ ඒකයි ඇත්ත.

ඔය ඇස්.බී ලා බන්දුල ලා චම්පික ලා ඇතුළු ගොඩක් අය නායකත්ව පුහුණුව ලැබුණෙ සරසවි සිසු  ව්‍යාපාර වලින් නෙ? මා කියූ ලෙසම ඔය ජීවන ගමනේ අතීත කෙකර ගෑම එකකි.අද දමන බිත්තරය තවෙකකි.ගිරා මල්ලිලා නංගිලාට තේරෙන්නේ නැත.

8 comments:

  1. මේ ගිරා පොව්වෙක් එක්ක කතා කරන්න උවමනාව මට තියෙනවා.එකෙක්වත් එන්නෙ නෑ.සමහරවිට ඒ අයට මේක තරම් නොවෙයි කියලා හිතෙනවා ඇති.ඔය සිසු බිස්නස් වලින් අපි වගේ අවිධිමත් ඉගෙනුම ලබපු උන්ට මෙලෝ දෙයක් උනේ නෑ කියන එකට තර්කයකුත් නැතුව ඇති.කොහොමට්වත් ඔය සුදිය බීපු මොළ සෝදගත්ත අයට මෙව්වා මෙලෝ රහක් නැති බව නම් මම දන්නවා...:ඪ් එහෙව් මෙලෝ රහක් නැති අයට මගෙන් ආරාධනාව කොමෙන්ට් එකක් දාලා යන්න කියලා (සිසු අයිතීන් වෙනුවෙන් සටන් වදින වටිනා කාලයෙන් විනාඩියක් කැප කරලා ...මොකද...මම වගේ මෙලෝ රහක් නැති අදහස් තියෙන උන් තවත් ඉන්නවා.ඒ ගණන වැඩි උනොත් ඔයාලගෙ සිසු බිස්නස් වලට පාඩු වෙන්න පුළුවන්....

    ReplyDelete
  2. මේක අපි දාමුද අන්තරේ පේජ් එකක ?

    ReplyDelete
    Replies
    1. දුක තමා ..මම ෆේස්බුක් එකෙන් අයින් උනා .ආයෙ කවදාවත් එන්නෙ නෑ :)

      Delete
  3. සමහරු අන්තරේ අදහස් අනුමත කරනවා ඒවා ඒ අයගෙ අදහස් ව්ලට ගැලපෙනවා කියලා.ඒතු ඒ අය දන්නෙ නෑ ඒකෙන් අරුන් තවත් ෆෝම් වෙනව කියලා..ඒ අයට හොඳට අමතලා පෝස්ට් එකක් දාන්ඩකො

    ReplyDelete