Friday, January 20, 2012

අපි දන්න................






බ්ලොග්වල කොටන ගොඩක් අය තොරතුරු තාක්ෂණ අංශයේ රස්සාවල් කරන ඒ ගැන ගොඩක් ලොකු දැනුමක් තියෙන අය විත්තිය බ්ලොග් කියවගෙන යද්දි තේරෙනවා.ඒත් දන්න කාළෙ ඉඳලා ලියන්න විතරක් පුරුදු වෙලා හිටපු මම, වාණිජ්‍ය අංශයෙන් උසස් පෙළ කරලා ගණකාධිකරණ අංශයේ රස්සාවල් කරපු මම බ්ලොග් එකක ලියන්න හිතුවෙ හිතේ ආසාවටමයි.

සමහරාය මගේ බ්ලොග් එකේ තියෙන ඒවා තේරෙන්නෙ නෑ කියල කියනවා.මම දන්න තරමට මම සම්භාව්‍ය විදියට ලියලා නෑ.මම මල් පත්තරවලට රීකන්ඩිශන් සිංදු,කවි,කෙටි කතා ලියන කාලෙ නම් දැනගෙන හිටියෙ නෑ.මේ එදිනෙදා සිද්ධවෙන දේවල් අවම භාෂා මට්ටමකින් ලියන එකත් ;බ්ලොග් පොරක්' වෙන්න තියෙන සුදුසුකමක් කියලා.

කොහොමටත් බ්ලොග් පොරක් වෙන්න මගේ හිතේ ආසාවක් නැති නිසා මේ ලියන විදිය හා ලියන දේවල් .මගේ අදහස් මගේම නිසාත් මේක වෙනස් කරන්න මගේ කැමැත්තක් නෑ.

මට මෙහෙම ලියන්න හිතුනෙ,බ්ලොග් අවකාශයේ පොරක් වෙලා ඉන්න පුද්ගලයෙක් ලියලා තිබුන අවලං කතාවක් නිසා.මට මතක විදියට ඒකෙ මාතෘකාව තිබුනෙ 'බ්ලොග් අවකාශයේ පොරක් වීමට නම්' වගේ එකක්.
ඒකෙන් තමන්ගෙ රට,ජාතිය,ආගම වෙනුවෙන් කතාකරන එක..ටිකක වැදගත් මාතෘකා කතා කරන එක.බසේ වැදගත්කම ආදිය පහත හෙලා නිකම් ගොන් ටෝක්ස් වගයක් දාලා තිබුනා.රස වින්දනය කියන එක උගන්වන්න වෙලා තියෙන සමාජෙක ඒ වගේ ;පොරවල්' වලට උගන්වන්න යන්න වෙලාවක් නැති නිසා මම මගේ පුළුවන් ශක්ති පමණින් මේ උතුම් ජාතියේ උතුම් බසේ තියෙන සොඳුරු බවත්, දේශපාලනිකත්වයේ වැදගත්කමත් මගේ බ්ලොග් එකෙන් කතාකරනවා.නමුත් ඔය  කියන මහත්තුරු දැනගන්න ඕන. ඔය ආතල් පහේ වචන කතාකරන ,ඒවත් ලියන්න පුළුවන් අය තමයි තමන්ගෙ රට,ජාතිය වෙනුවෙන් 'කඩේ යන' අය අතරෙත් ඉන්නෙ කියලා.

හිතේ තියෙන තව එකක් නම් කියන්න ම ඕන.මේ බ්ලොග් අවකාශයේ ඉන්න සමහරු ගොඩාක් විට ජනප්‍රිය(පොරවල්) වෙලා ඉන්නේ තමන්ගෙ රටට,ජාතියට,ආගමට (වෙසෙසින්ම බුදු සමයට ) ගරහන දේවල් කිසිම විලි ලැජ්ජාවක් නැතුව පළ කරන නිසා කියලා කියවා තේරුම් ගත් තරමින් මට කියන්න පුලුවන්.ඒ අයත් ඩොලර් වලට තමන්ගෙ අම්මා තාතතවත් පාවා දෙන්න පුළුවන් 'කාක්කො' අතරත් කිසිම වෙනසක් නෑ.

මම මගේ හැකි පමණින් දාරිතාව අඩු සීපීයූ එකයි පස්ස ලොකු මොනිටරේයි ටයිප් රයිටෙරේ වගේ ටකටක ගාන කී බෝඩ් එකයි බෝලෙ කැරකෙන්නෙ නැති නිසා මේසෙ වටේ ඇදගෙන යන මවුස් එකයි යොදාගෙන මේ කරන 'පුංචි වැඩේ ගැන පුදුම තෘප්තිමත්.

ඔබ ට තෙරුවන් සරණයි!!!!!!!!!

2 comments:

  1. වැඩේනම් පන්කාදුයි මචන්..නිවාඩුපාඩුවේ කියවන්න වටින ලස්සන බ්ලොග් සටහනක්.යෝජනාවක් හැටියට තවත් දෙයක් එක්කරන්නම්..පුලුවන්නම් එදිනෙදා අප්[ඉට සිදුවන රසබර අත්දැකීම් ටිකකුත් එකතුකරපන්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මචං.....පරණ සිද්ධි ගොඩාක් තියෙනවා.තාම ගලපනවා

      Delete