Sunday, October 14, 2012

අජාන් චා හිමි චරිතය -1




අතිපුජ්‍ය අජාන් චා හිමියන් 1918 ජුනි මස 18 වෙනිදා තායිලන්තයේ Ubon Rachathani  නම් පළාතේ පිටිසර බද ග්‍රාමයක උපත ලැබුහ.එතුමන් තම දිවියේ පළමු භාගය ගත කළේ පිටිසර තායිලන්තයේ හැම දරුවෙක් මෙන්ම,සිරිත් ප්‍රකාර ගම පෙදෙසේ පැවිදි අරමේ වසර තුනක කාලයක් සාමණේර පැවිද්ද ලබා ගනිමිනි. එහිදී හිමියෝ, ලියන්නට කියවන්නට ද, මුලික බුද්ධ ඉගැන්වීම් ද පුහුණු කළහ.මින් පසු නැවත ගිහි දිවියට බට අජාන් චා හිමියෝ තම දෙමාපියන්ට උදව් කිරීමේ සිතුමෙන් බැසගත් ගිහි දිවියට සමු දුන්නේ, අරම්ගත දිවියට ඇති ඇලුම නිසාවෙනි.1939 අගෝස්තු මස 26 වෙනිදා තම දිවියෙහි විසි වෙනි විය එළඹෙද්දී එතුමෝ නැවතත් ආරාමගත ජිවිතයට පිවිසුණි.

තම පැවිදි දිවියේ මුල් වසර කිහිපය මුලික දහම,පාලි බස,හා දහම් පොත් අතර ගෙවා දැමෙද්දී තම පියාගේ වියෝවින් කම්පිතව ජිවිතයේ යථාවබෝධය වෙනුවෙන් සිත මෙහෙයවන්නට උන්වහන්සේ යොමු විය.උගත් පාලි බසෙහි විශාරදත්වයට පැමිණි තිබුන ද, ජිවිතයේ සැබෑ අරමුණ ගැන ගැඹුරින් සිතන්නට ඉන් පෙළඹුණු උන්වහන්සේ දුක කෙළවර කිරීමේ පෞද්ගලික අවබෝධයක ආසන්නයටම පැමිණ ඇති වගක් පෙනෙන්නට තිබිණ.මුලාවෙන් මිදීම ගැන හැඟුම් පළ කෙරිණ..බුදු රදුන්ගේ ඉගැන්වීම් හි සැබෑ සාරය සෙවීමේ කැමැත්තක් පැන නැගිණ.

අවසන දී (1946)සිය අධ්‍යාපන කටයුතු නවතා දමා පිණ්ඩපාත චාරිකාවේ වඩින්නට උන්වහන්සේ මඟට පිළිපන් සේක.මධ්‍යම තායිලන්තයේ කිලෝමීටර 400 ක පමණ දුරක පයින්ම වැඩම කළහ.වනයෙහි සැතපුණ හ. එමග ගමින් ගම ලත් දානයෙන් සැනසුණ හ.”ආරාමගත විනය(Monastic Discipline) ඉතා අවධානයෙන් අධ්‍යයනය කරමින්, පුහුණුවේ යෙදෙමින් ආරාමයක නවාතැන් ගත් අජාන් චා හිමියන්ට, අති පුජනිය බවුන් ගුරුවරයෙකු වු අජාන් මුන් භුරිදත්ත ( Rev.Ajan Mun Buridatto) හිමියන් පිළිබඳ අසන්නට ලැබිණි.එවන් නිපුණ ගුරුවරයෙකු සොයමින් පා ගමනින් ඉදිරියට උන්වහන්සේ වෙනත් ආරාම කරා වැඩම කළහ.මේ සියවසෙහි අනගිතම තායි වනගත බවුන් ගුරුවරයා වූ අතිපුජ්‍ය අජාන් මුන් හිමිපාණන් සමඟ කෙටි නමුත් ඉතා අවබෝධාත්මක කාල පරාසයක් ගෙවා දැමු එහිමියෝ එහිදී “ආරාමගත විනය”පිළිබඳ අති සවිස්තරාත්මකව උගත් හ.

මේ අවදිය වන විට ඉතා බැරෑරුම් ප්‍රශ්නකාරී ගැටුමකට මැදිව සිටි උන්වහන්සේ අකුරින් විගස ඉදිරිපත් කල හැකි ලෙස ද, වචනයෙන් විස්තර කල හැකි ලෙසද, සුචරිතය (ශිලය), භාවනාව, සහ සමාධිය පිළිබඳ ඉගැන්වීම් උගෙන තුබුන ද , ඒවා ප්‍රායෝගිකව ක්‍රියාවට නගන්නේ කෙසේ දැයි නොදත්හ.

මේ ඉගැන්වීම් අතිශය පෘථුල වුව ද,හදවත ඉතාම සරළ විය යුතු බව අජාන් මුන් හිමියන්ගේ අදහස විය.”සතිය”(සිහිය) පවත්වාගෙන යාම සමඟ සියළු දේ සිතින් පැනනගින බව දකිද්දී පුහුණුවේ නිවැරදි මඟ පෙනේ.මේ සංක්ෂිප්ත හා සෘජු ඉගැන්වීම්,අජාන් චා හිමියන්ට පිවිසුම් විවරයක් (a Revelation) විය. උන්වහන්සේගේ එළැඹීම, පුහුණුව ට පරිණාමය විය.මඟ හෙළි විය.

ඊළඟ සත්වස තුළ දී අජාන් චා හිමියෝ  තාපස වෘතයට පිවිස වනගත අපිස් (Austere) දිවියකට බට හ.තම කාලය වනයේ හි, ගල්ගුහාවන් හි,සොහොන් පිටි වල සහ භාවනා පුහුණුව ඔප් නංවා ගැනීමට උචිත තැන්වල ගෙවා දැමු හ.බවුන් පුහුණුවට ගැලපෙන නිස්කලංක තැන් සොය සොයා දනව් පුරා නිදහසේ සැරිසැරූ හ.ජිවිතයේ සැබෑ අරුත සඳහා මරණයේ පිළිඹිබුව විනිවිද යමින් කොටි වලසුන් හා සපුන් ගහන වනයේ කල් ගෙවූ හ.විටෙක මරණ බිය අභියෝගයට ලක්කොට,එයින් නික්මීම උදෙසා සොහොන් පිටියක බවුන් වැඩුම සිදු කළහ.වැහි කුනාටු අබිමුව ශීතලව,තෙතබරිතව වැඩ හිඳිම නිසා නිවෙසක් නැති,භික්ෂුවකගේ හුදෙකලාව ද, පරිපුර්ණ තනිකම ද විඳ  ගත්හ.

දිගු කාලයක් චාරිකාවේ,පුහුණුවේ යෙදෙමින් වැඩි උන්වහන්සේට තම උපන් ගම අසළ වන වදුලක ලැගුම් ගන්නට ඇරැයුම් ලැබිණ.විසිය නොහැකි,සර්පයන් කොටි වලසුන් හා අමනුස්ස බලවේග වලින් ගහන මේ වනය; එතුමෝ පැවසු ලෙසට; වනගත භික්ෂුවක් සඳහා ඉතා සතුටුදායක පිහිටීමක් විය.




1 comment: